රුසියාවේ ටටාස්තාන් ජනරජයේ පැවති 22 වැනි කසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ **‘රිවර්ස්ටන්’** චිත්‍රපටය වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමිව තිබේ.
උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය යටතේ **හොඳම අධ්යක්ෂවරයා** ලෙස ලලිත් රත්නායක සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම අංශයේ **හොඳම නළුවා** ලෙස ශ්‍යාම් ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබීය.
ලෝ ප්‍රකට ඉරාන සිනමාකරු මජිඩ් මජිඩිගේ ප්‍රධානත්වයෙන් යුත් ජූරි සභාවක් විසින් විනිශ්චය කළ මෙම උළෙලේදී ශ්‍රී ලාංකික සිනමාපටයක් මෙලෙස සම්මානයට පාත්‍ර වීම රටටම ආඩම්බරයකි.
මෙයට පෙරද ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කර ඇති **‘රිවර්ස්ටන්’** චිත්‍රපටය මේ වන විට ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව තිබේ.














