නාවලපිටිය නගරසභාවේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් තත්ත්වයක් මධ්‍යයේ සභාපති අමල් මහතා සංවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය ලලාල් කාන්ත මහතාගේ ගුණ ගැයවීමට කටයුතු කර තිබේ.
නගර සභා රැස්වීමකදී අනවසර ඉදිකිරීම් පිළිබඳව මතු වූ ගැටලු සහ විවාදයන් හේතුවෙන් සභාව තරමක් උණුසුම් මුහුණුවරක් ගත් අතර, එම අවස්ථාවේදී අදහස් දක්වමින් සභාපතිවරයා පවසා ඇත්තේ “ලාල් කාන්ත කියන්නේ හොඳ මිනිහෙක්, අද සල්ලි ඉල්ලුවත් මම දෙනවා” යනුවෙනි. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සහ පරිපාලනමය තීන්දු තීරණ ගැනීමේදී පැනනැගුණු අදහස් හමුවේ මෙම සංවේදී කතාව දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.














