ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත එළුවන්කුලම නෙළුම් වැවේ පිහිටි කුඹුක් ගස් 500ක් පමණ විනාශ කර මරා දමා ඇති බව වාර්තා වේ.
මෙම පාරිසරික විනාශය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගැනීමේ අරමුණින් පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ඇති අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















