• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

1924දී ඇරඹි පොලිස් ඉතිරිකිරීම වසර 102ක් පුරා පොලිස් නිලධාරීන්ට ශක්තියක්..

99 වන මහ සභා රැස්වීම පොලිස්පති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

11 September 2026
in දේශීය, පුවත්
1924දී ඇරඹි පොලිස් ඉතිරිකිරීම වසර 102ක් පුරා පොලිස් නිලධාරීන්ට ශක්තියක්..
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස් නිලධාරීන්ට හදිසි මූල්‍ය අවශ්‍යතාවකදී පහසුවෙන් ණය මුදලක් ලබාගැනීමට හැකිවීම මෙන්ම පහසුවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි ඉතුරුම් ක්‍රමයක් ඇති කිරීමේ අරමුණින් 1924 වර්ෂයේදී එවකට පොලිස් අධිකාරි ජේ.ඩී. එයිට්කන් මහතා විසින් ආරම්භ කරන ලද පොලිස් ඉතිරි කිරීමේ සංගමය මේ වන විට වසර 100කට ආසන්න කාලයක් පුරා පොලිස් නිලධාරීන්ගේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරමින් සිටී.
පොලිස් නිලධාරියෙකු විශ්‍රාම යන අවස්ථාවේදී යහපත් මූල්‍ය ස්ථාවරත්වයකින් යුතුව විශ්‍රාම දිවියට පිවිසීමටද මෙම ඉතුරුම් ක්‍රමය වර්තමානය දක්වාම මහඟු පිටුවහලක් වී තිබේ.
පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ නිලධාරීන් විසින් වඩාත් ක්‍රමානුකූලව සහ නව තාක්ෂණයට අනුගත වෙමින් පවත්වාගෙන යනු ලබන මෙම ඉතුරුම් ක්‍රමයේ 2025–2026 වසරට අදාළ වාර්ෂික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැත්වෙන 99 වැනි වාර්ෂික මහ සභා රැස්වීම 2026 සැප්තැම්බර් 09 වැනිදා පෙරවරුවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්විණි.
එම මහ සභා රැස්වීම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී සංගමයේ 2025–2026 වසරට අදාළ වාර්ෂික කටයුතු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමටද කටයුතු කර තිබේ.
එමෙන්ම ඉදිරි වර්ෂය සඳහා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ විවිධ තනතුරු සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමද මෙහිදී සිදු කෙරිණි.
ඒ අනුව පාලන කමිටුවේ සභාපතිවරයා ලෙස සහකාර සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා තෝරා පත් කරගෙන ඇති අතර, ලේකම්වරයා ලෙස පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්න මහතා පත් කර තිබේ.
භාණ්ඩාගාරිකවරයා ලෙස තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා තෝරා පත් කර ඇති අතර, උප භාණ්ඩාගාරිකවරයා ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතා පත් කර තිබේ.
මෙම මහ සභා රැස්වීම සඳහා සභා පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගි වූ අතර, සංගමයේ සාමාජික පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්, කනිෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක්ද එක්ව සිටියහ.
වසර 100කට ආසන්න කාලයක් පුරා පොලිස් නිලධාරීන්ගේ ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම, හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා සහන සැලසීම සහ විශ්‍රාම දිවිය සඳහා මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා පොලිස් ඉතිරි කිරීමේ සංගමය සිදුකරන කාර්යභාරය මෙරට පොලිස් සේවයේ සාමාජිකයන් වෙනුවෙන් වැදගත් මූල්‍ය සහායක ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය.
Post Views: 2
Previous Post

එළුවන්කුලම නෙළුම් වැවේ කුඹුක් ගස් 500ක් කපා විනාශ කරලා..

Next Post

සෙස් බදු ඉවත් කර 0% සිට 30% දක්වා නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
සෙස් බදු ඉවත් කර 0% සිට 30% දක්වා නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ තීරණයක්

සෙස් බදු ඉවත් කර 0% සිට 30% දක්වා නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු ශිරාන් බාසික්ගේ තාත්තා අත්අඩංගුවට!

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

11 September 2026
Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved