දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු (Cess) අදියර වශයෙන් ඉවත් කර, 0%, 10%, 20% සහ 30% යන කාණ්ඩ යටතේ නව තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ අතර, දේශීය කර්මාන්ත බොහෝමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් නිෂ්පාදන පිරිවැය අවම කර දීම සඳහා අතරමැදි ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. ඒ අනුව අමුද්‍රව්‍ය සඳහා 0%ක බදු අනුපාතයක්ද, නිමි භාණ්ඩ සහ තෝරාගත් භාණ්ඩ සඳහා උපරිම 30%ක තීරුබදු අනුපාතයක්ද හඳුන්වා දීමට නියමිතය.
















