2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
අදාළ අභියාචනය අද (11) කැඳවීමෙන් අනතුරුව, එය කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 9 වන දින කැඳවීමට අධිකරණය නියම කර ඇත. ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පවතින බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කර රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පවරා තිබුණි.













