ශ්‍රී ලංකාවේ ජංගම සන්නිවේදන ක්ෂේත්රය නව අදියරකට පිවිසෙමින් පවතින අවස්ථාවක, ස්මාර්ට්ෆෝන් වෙනුවට සරල හා ප්‍රායෝගික Feature Phone භාවිත කරන පාරිභෝගිකයන්ට 4G සම්බන්ධතාව ලබාදීමේ අරමුණින් John Keells Office Automation (JKOA) විසින් නව JKOA Classic 4G ජංගම දුරකථනය හඳුන්වා දී තිබේ.
‘Powering Tomorrow Together’ යන තේමාව යටතේ මෙම නව දුරකථනය සැප්තැම්බර් 7 වැනිදා කොළඹ Courtyard by Marriott හෝටලයේ පැවති JKOA Mobile Launch and Dealer Gathering වැඩසටහනේදී එළිදක්වා තිබේ.
JKOA සහ Dialog Axiata PLC අතර ඇතිකරගත් සහයෝගීතාවක් යටතේ මෙම දුරකථනය හඳුන්වා දී ඇති අතර, ස්මාර්ට්ෆෝන් භාවිතයට වඩා සරල සහ පහසු Feature Phone සඳහා කැමැත්තක් දක්වන පාරිභෝගිකයන්ට 4G ජාල පහසුකම් ලබාගැනීමට මෙය අවස්ථාව සලසයි.
John Keells Holdings PLC හි Retail Sector සභාපති Charitha Subasinghe සඳහන් කළේ පාරිභෝගිකයන්ගේ සහ අලෙවි නියෝජිතයන්ගේ වෙනස්වන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ගැළපෙන විසඳුම් හඳුන්වාදීම JKOA හි අරමුණක් බවයි. Feature Phone එකක ඇති සරල බව, විශ්වාසනීයත්වය සහ පහසුව සමඟ වර්තමාන 4G තාක්ෂණයේ ප්රතිලාභ එක්කිරීම JKOA Classic 4G හරහා සිදුකර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
රුපියල් 7,990ක මිලකට හඳුන්වා දී ඇති JKOA Classic 4G දුරකථනය, ස්මාර්ට්ෆෝනයකට මාරුවීමකින් තොරව 4G සම්බන්ධතාව ලබාගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන් සඳහා දැරිය හැකි විකල්පයක් ලෙස හඳුන්වා දී ඇත.
ප්‍රධාන හෝ ද්විතීයික දුරකථනයක් ලෙස මෙන්ම පවුලේ සාමාජිකයෙකු සඳහාද භාවිත කළ හැකි මෙම දුරකථනය 4G සම්බන්ධතාව, අඟල් 1.77ක සංයුක්ත තිරයක් සහ 1,000mAh ධාරිතාවක දිගුකාලීන බැටරියකින් සමන්විත වේ.
එමෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ටයිප් කිරීමේ පහසුකම්ද මෙහි ඇතුළත් වන අතර FM රේඩියෝවක්, අභ්‍යන්තර Torch පහසුකමක්, 16MB + 16MB අභ්‍යන්තර මතක ධාරිතාවක් සහ Type-C ආරෝපණ පහසුකමක්ද දුරකථනයට ඇතුළත් කර තිබේ. Charger එක සහ Cable එකද දුරකථනය සමඟ ලබාදෙන බව සඳහන් වේ.
John Keells Holdings PLC හි ශක්තිය සමඟින් ක්‍රියාත්මක වන JKOA, Office Automation සහ Mobile Technology ක්ෂේත්රයන්හි විවිධ නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර, ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික සන්නාම සමඟද හවුල්කාරිත්වයෙන් කටයුතු කරයි.
JKOA Classic 4G දුරකථනය මේ වනවිට JKOA ප්‍රදර්ශනාගාරයෙන් මෙන්ම දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන් හරහාද මිලදී ගැනීමට හැකියාව පවතින බව සමාගම සඳහන් කරයි.













