එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් ඇමරිකාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වොෂින්ටන් නුවරදී එරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් බෙතනි පවුලස් මොරිසන්(Bethany Poulos Morrison) මහත්මිය හමුවී තිබේ.
මෙම සංචාරය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආර්ථික ප්‍රතිපත්ති, යහපාලනය සහ දෙරට අතර හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත. මුදල් කාරක සභාවේ (COPF) සාමාජිකයන් සත් දෙනෙක් සහ රජයේ ව්‍යවසායන් පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා ඇතුළු මෙම නියෝජිත පිරිස, වොෂින්ටන් නුවරට අමතරව බැල්ටිමෝර්, රාලේ සහ ටල්සා යන නගර වෙත ගොස් ඇමරිකානු නවෝත්පාදන, සමුද්‍රීය ආරක්ෂාව සහ කෘත්‍රිම බුද්ධි ප්‍රතිපත්ති පිළිබඳ හොඳම අත්දැකීම් අධ්‍යයනය කිරීමට නියමිතය.












