උණුසුම් කාලගුණය හමුවේ ඇති වූ දීර්ඝ විදුලි බිඳවැටීම්වලට එරෙහිව ජනතාව විරෝධතාවල නිරත වීමෙන් පසු, ඉදිරියේදී කිසිදු විරෝධතාවක් සඳහා බලපත්‍රයක් නොමැතිව අවසර ලබා නොදෙන බව ගැම්බියානු පොලිස්පති සීඩි මුක්තාර් ටුරේ නිවේදනය කර තිබේ.
දෙසැම්බර් මානයේ පැවැත්වෙන මැතිවරණයට ප්‍රථම ජනාධිපති අඩාමා බැරෝගේ පාලනයට එරෙහිව මහජන අප්‍රසාදය මතුව ඇති පසුබිමක, මෙම විරෝධතා හේතුවෙන් පොලිස් මුන්පොළකට හානි සිදුව ඇති අතර ජාතික ජල හා විදුලි සමාගමේ (NAWEC) ශාඛා තුනකට ප්‍රහාර එල්ල වී ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි අවසරයකින් තොරව රැස්වීම් පැවැත්වීම සහ සාමය කඩ කිරීම තහනම් කර ඇති අතර, නීති කඩ කරන්නන්ට එරෙහිව බලය යොදන බව පොලිසිය පවසයි. විරෝධතා අතරතුර සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නව විදුලි ජනක යන්ත්‍ර ගෙන්වා ඔක්තෝබර් මස අවසන් වන විට විදුලි අර්බුදය විසඳන බව ජනාධිපති බැරෝ පොරොන්දු වී තිබේ. කෙසේ වෙතත්, බලශක්ති ආනයන මත පමණක් යැපීම හේතුවෙන් රට අර්බුදයට ලක්ව ඇති බවත් තරුණ පරපුර රැකියා නොමැතිකම සහ විවිධ ගැටලු හමුවේ දැඩි කලකිරීමකින් පසුවන බවත් විපක්ෂ නායකයෙකු වන තාලිබ් අහමඩ් බෙන්සූඩා ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















