මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ඇමරිකානු නාවික හමුදා නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් ඉරානය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත කෘත්‍රිම බුද්ධි ආකෘතීන් භාවිත කර ඇති බවට ප්‍රමුඛ AI පර්යේෂණ ආයතනයක් වන Anthropic සමාගම නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි.
අදාළ වාර්තාවට අනුව, ඉරාන පාර්ශ්වයන් විසින් ඇමරිකානු නාවික හමුදාවේ චලනයන්, නෞකා පිහිටීම් සහ ප්‍රහාරක සැලසුම් විශ්ලේෂණය කිරීම සඳහා මෙම උසස් AI තාක්ෂණය යොදාගැනීමට උත්සාහ කර තිබේ. ආරක්ෂක සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කර ඇති මෙම හෙළිදරව්වත් සමඟ, හමුදාමය සහ සංවේදී කටයුතු සඳහා ඇමරිකානු AI තාක්ෂණය අවභාවිත වීම වැළැක්වීමට දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ඇමරිකානු බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.














