ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පුහුණු සහ උසස් පුහුණු) වරුණ ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා පොලිසිය වෙත ‘Krav Maga’ ආත්ම ආරක්ෂක සටන් කලා ශෛලිය හඳුන්වා දීමේ සමාරම්භක අවස්ථාව කළුතර පොලිස් විද්‍යාලයේදී පවත්වා තිබේ.
නියෝජ්‍ය පොලිස්පති (බඳවා ගැනීම් සහ පුහුණු දිශාව) ජගත් සේරම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පසුගිය සැප්තැම්බර් 10 වැනි දින පැවැත්විණි. මෙම සටන් කලා ශෛලියේ ප්‍රවීණ උපදේශක සතිෂ් තිරමුණු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන දින හතරක විශේෂ පුහුණු වැඩසටහනක් මෙම මස 15 වැනි දින දක්වා කළුතර පොලිස් විද්‍යාලයේදී ක්‍රියාත්මක වේ.













