විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී වියළි ගංජා කිලෝග්‍රෑම් 114යි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැප්තැම්බර් 11 වන දින උදෑසන තණමල්විල පොලිස් වසමේ කහකුරුල්පැළැස්ස ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු තණමල්විල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.













