“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදෙසා ගම්මට්ටමේ ජන බලය ශක්තිමත් කිරීමේ අරමුණින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කොක්අඩිචෝල සහ වෙල්ලාවලි කොට්ඨාස සභා ජන හමු මාලාවක් සංවිධානය කර තිබේ.
ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සාකච්ඡා කරමින් ගම්මට්ටමින් සංවර්ධන හා දේශපාලන ක්‍රියාවලිය පුළුල් කිරීම අරමුණු කරගත් මෙම ජන හමු සඳහා ප්‍රදේශවාසීන්ගෙන් විශාල සහභාගීත්වයක් හිමිවී ඇති අතර, ජනතාව මුහුණපාන දෛනික අභියෝගවලට ප්‍රායෝගික විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.














