ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ඉලක්ක කරගනිමින් AI තාක්ෂණය භාවිතයෙන් සිදුකරන සූක්ෂම Phishing ප්‍රහාර සහ ව්‍යාජ ලෙස සකස් කළ බැංකු වෙබ් අඩවි හරහා එල්ල වන සයිබර් තර්ජන පසුගිය කාලය තුළ ඉහළ ගොස් තිබේ.
ජාත්‍යන්තර වංචනික කණ්ඩායම් විසින් බැංකු ගනුදෙනුකරුවන්ගේ ගිණුම් තොරතුරු සොරාගැනීමට දරන උත්සාහයන් හේතුවෙන් දේශීය බැංකු පද්ධති මේ වනවිට වඩාත් දැඩි ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ අනුව Internet Banking සේවාවට පිවිසීම පූර්ව ලියාපදිංචි කළ විශ්වාසදායක බ්‍රවුසර සඳහා පමණක් සීමා කිරීම සහ අමතර ආරක්ෂක පියවර හඳුන්වාදීම වැනි ක්‍රියාමාර්ග බැංකු විසින් ගෙන තිබේ.
මෙම අමතර ආරක්ෂක පියවර හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී පාරිභෝගිකයන්ට බැංකු පද්ධති වෙත පිවිසීමේදී යම් අපහසුතාවක් ඇතිවිය හැකිය. කෙසේ වෙතත්, එම පියවරවල අරමුණ වන්නේ ස්වයංක්‍රීය සයිබර් ප්‍රහාර සහ අනවසර ප්‍රවේශයන් වැළැක්වීමයි.
විශේෂයෙන්ම ව්‍යාජ බැංකු වෙබ් අඩවි හරහා පාරිභෝගිකයන්ගේ Login තොරතුරු සොරාගැනීමේ අවදානම හේතුවෙන් නිල Mobile Banking යෙදවුම් භාවිත කරන ලෙස බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිර්දේශ කරති.
Face ID සහ ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික සත්‍යාපන ක්‍රම සහිත නිල Mobile Banking Apps භාවිත කිරීමෙන් ව්‍යාජ URL හරහා සිදුවන වංචාවලට හසුවීමේ අවදානම අවම කරගත හැකි බව පෙන්වා දී තිබේ.
එබැවින් බැංකු විසින් හඳුන්වාදෙන නව ආරක්ෂක පියවර පාරිභෝගිකයන්ට අනවශ්‍ය බාධාවක් ඇති කිරීම සඳහා නොව, ඔවුන්ගේ මහන්සියෙන් උපයාගත් මුදල් සහ මූල්‍ය තොරතුරු වැඩිවන සයිබර් තර්ජනවලින් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවරක් ලෙස සැලකේ.














