නිකවැරටිය පොලිස් විද්යාලයේ අධ්යක්ෂ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (2026.09.12) නිකවැරටිය පොලිස් විද්යාලයේ ආර්ධ වාර්ෂික පරීක්ෂණය ඉතා සාර්ථකව පවත්වනු ලැබීය. ආයතනික විනය, කාර්යක්ෂමතාව සහ පරිපාලනමය ප්රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ක්රියාත්මක කරන ලද මෙම පරීක්ෂණයේදී, පෙළපාලි, පොත් පත් ලේඛන, ගොඩනැගිලි සහ වාහන ඇතුළු සියලු අංශයන් දැඩි පරීක්ෂාවට ලක් කරන ලදී.
මෙහිදී විශේෂයෙන්ම නිකවැරටිය පොලිස් විද්යාලය තුළ තනතුරට හැඩගැස්වීමේ පාඨමාලාව (Assimilation Course) හදාරනු ලබන පොලිස් පරීක්ෂකවරුන්ගේ පුහුණු කටයුතු සහ ප්රගතිය පිළිබඳවද පුළුල් නිරීක්ෂණයක් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා නිකවැරටිය පොලිස් විද්යාලයේ සහකාර අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී ඒ.ඩී. සෙනෙවිරත්න මහතා ඇතුළු ස්ථානාධිපතිතුමා සහ සමස්ත කාර්ය මණ්ඩලයම සහභාගී වී සිටියහ.
පොලිස් පුහුණු ආයතනවල විධිමත් ක්රියාකාරීත්වය සහ උසස් ප්රමිතීන් තහවුරු කිරීම වෙනුවෙන් සිදු කරනු ලබන මෙවැනි වාර්ෂික පරීක්ෂාවන් හරහා අනාගත පොලිස් නායකයන් මෙන්ම නිලධාරීන් වඩාත් විනයගරුකව හා වගකීමෙන් යුතුව සේවයට සූදානම් කිරීම සඳහා මනා පිටුබලයක් ලැබෙනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
















