විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් විශේෂ නියමු ව්‍යාපෘතියක් ලබන සතියේ ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ යටතේ එක් පුද්ගලයෙකු සඳහා උපරිම රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වසරේදී බස්නාහිර පළාත තුළ පමණක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ලබන වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














