නීත්‍යානුකූලව විමර්ශන සිදුකර අධිකරණ ක්‍රියාවලිය හරහා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය පරිසරය රජය විසින් සම්පූර්ණයෙන්ම සකස් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මේ වනවිට ඉදිරි කටයුතු සිදුකිරීම විමර්ශන සිදුකරන නිලධාරීන් සහ අධිකරණය සතු වගකීමක් බවයි.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය බලතල ලබාදී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයාගේ තරාතිරම, සම්බන්ධතා හෝ පවුල් තත්ත්වය සැලකිල්ලට නොගන්නා බවයි.
“කවුරු ඇඬුවත්, කොහොම ඇඬුවත් අපිට ඒක පෙනෙන්නේ නැහැ. පුතා ගිහින් තාත්තා ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. නැන්දම්මා අසනීපෙන් කියලා ලේලි ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. අනුරාධපුරේ ඉන්න නෝනා ඇතුළේ, මහත්තයා එළියේ ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
කවුද, කින්ද, මන්ද යන්න නොසලකා බලය භාවිත කර සිදුකර ඇති අක්රමිකතාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවද අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.














