ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික් තරග පසුගිය 06 වැනිදා මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් පිරිමි අවසන් මහා තරගයේදී කඩුවෙල සුබෝධ ක්‍රීඩා සමාජය තරග වට 2–0ක් ලෙස පරාජය කළ හෝමාගම යුනයිටඩ් ක්‍රීඩා සමාජය ශූරතාව හිමිකර ගත්තේය.
කොළඹ දිස්ත්‍රික් කාන්තා අවසන් මහා තරගයේදී මුණසිංහගම ක්‍රීඩා සමාජය තරග වට 2–0ක් ලෙස පරාජය කරමින් හෝමාගම ටොරින්ටන් ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගැනීමට සමත් විය.
කළුතර දිස්ත්‍රික් පිරිමි අවසන් මහා තරගයේදී හොරණ එක්සත් ක්‍රීඩා සමාජය තරග වට 2–1ක් ලෙස පරාජය කළ පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය ශූරතාව හිමිකර ගත්තේය.
එමෙන්ම, කළුතර දිස්ත්‍රික් කාන්තා අවසන් මහා තරගයේදී පොතුපිටිය විදුහල් පිළ තරග වට 2–0ක් ලෙස පරාජයට පත් කළ බුලත්සිංහල සුහද ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගත්තේය.
තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඩයලොග් ආසියාටා සමාගමේ හර්ෂ සමරනායක, රියාස් හනිෆා සහ සුදර්ශන මුතුතන්ත්රි යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.














