මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ගෝලීය තෙල් සැපයුමට තර්ජනයක් එල්ල වී ඇති පසුබිමක, ඇමරිකාව සමඟ ගිවිසුමකට එළඹීමට ඉරානයට අවශ්‍යව ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, දුර්වල වෙමින් පවතින ඉරානය ඉක්මනින් හා දැඩි ලෙස ගිවිසුමකට පැමිණීමට අපේක්ෂා කරන බවත්, තමන් ඊට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත්ය. කෙසේ වෙතත්, ගල්ෆ් අරාබි රටවල් විසින් ඉරානය සමඟ පැවැත්වීමට තිබූ සමුළුවක් කල් දැමීම සහ යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියට යළිත් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කලාපීය යුද්ධය තවදුරටත් පුළුල් වීමේ අවදානමක් මතුව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















