රාජපක්ෂවරුන්ගේ වනචර දේශපාලනයට සහ ඔවුන්ගේ මාෆියා පවුල් සංස්කෘතියට එරෙහිව ඉදිරියටත් දැඩි ලෙස සටන් කරන බව ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමීර පෙරේරා මහතා පවසයි.
පසුගිය (13) දින හැටන් නගරයේ පෞද්ගලික උත්සවාලාවක පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා මෙසේද කියා සිටියේය:
“ඊයේ වේදිකාවේ දැකපු දේ හරිම කණගාටුදායකයි වගේම හිරිකිතයක් හිතෙන දෙයක්. වසර 45-50ක් දේශපාලනය කරපු, ජනාධිපති, අගමැති සහ අමාත්‍ය ධූර දැරූ මනුස්සයෙක් අද ඉන්නා අස්ථාවර තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජැක් ගහලා වේදිකාවට උස්සන් ඇවිත් තොරණක වගේ එල්ලලා තියෙනවා. තමන්ගේ ඇඟේ ඇඳුමක් තියෙනවාද, තොල් දෙක කට තියෙනවාද කියලාවත් හිතාගන්න බැරි, ලෙඩ ඇඳේ ඉන්න ඕනෑ වයෝවෘද්ධ පියෙක් මෙලෙස දේශපාලන ප්‍රයෝජන සඳහා යොදාගැනීම මේ නරුම පවුලේ කුපාඩි දේශපාලනයේ තරම පෙන්වන්නක්.
අපි කවරදාත් රාජපක්ෂවාදය උස්සලා පොළවේ ගහපු මිනිස්සු. අද ඒ අයගේ දරුවන් තම මව්පියන්ට සලකන ආකාරයෙන්ම ඔවුන්ගේ ප්‍රයෝජ්‍යවාදී නරුම දේශපාලනය කුමක්දැයි රටටම පැහැදිලි වී තිබෙනවා. මේ වනචර දේශපාලනයට එරෙහිව අපි අඛණ්ඩව පෙනී සිටිනවා.”














