ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ) මගින් සිදුකළ විශේෂ සමාලෝචන වාර්තාවක් උපුටා දක්වමින්, ‘Op Epic Fury’ හමුදා මෙහෙයුම අතරතුර ඇමෙරිකානු ඩොලර් බිලියන 33ක දැවැන්ත මූල්‍ය සහ හමුදාමය අලාභයක් සිදුව ඇති බව TIMES NOW පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, අඛණ්ඩව සිදුවූ මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකානු හමුදාවේ ප්‍රධාන පෙළේ ආයුධ සහ පතොරොම් සංචිත සීඝ්රයෙන් අඩු වෙමින් පවතින බවට තහවුරු වී තිබේ. දීර්ඝකාලීන හමුදාමය ගැටුම් හමුවේ පවතින ආයුධ හිඟය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ආරක්ෂක උපායමාර්ගික සැලසුම් කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර military විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














