බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීම්වලදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 306ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026.09.14 දින දහවල් කාලයේදී රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම් සිදු කර ඇත. එහිදී මහරගම නගර ප්‍රදේශයේදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 306ක් සමඟ එක් සැකකරුවෙකුද, ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමඟ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 45 සහ 61 වයස්වල පසුවන රුක්මල්ගම සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.













