පසුගිය පැය විසිහතර තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මගුරු ගඟ සහ අත්තනගලු ඔය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර තිබේ. සෙසු ප්‍රධාන ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් තවදුරටත් සාමාන්‍ය මට්ටමක පවතින බවත්, අඩු පහත් බිම්වල වෙසෙන ජනතාව හදිසි ගංවතුර තත්ත්වයන් හමුවේ දැඩි විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටින බවත් වාර්තා වේ.













