හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරමින් තිබූ ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහර දීමට තැත් කර මරණ තර්ජන එල්ල කළ කාන්තාවක් ඇතුළු අඹුසැමි යුවළක් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,200ක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර ජයන්ති පටුමගේ පදිංචිව සිටින මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ හා වැටලීම් අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුවය. අදාළ නිවස වැටලීමට පොලිස් නිලධාරීන් සහ කාන්තා පොලිස් නිලධාරිනියක් ගමන් කිරීමත් සමඟම නිවෙස් හිමියා නිවසින් පලා ගොස් තිබේ.
පසුව, සැමියා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ බිරිඳ විසින් කැත්තක් රැගෙනවිත් පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කරමින්, සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කර, තියුණු ආයුධයකින් පහර දීමට තැත් කර ඇත. එහිදී සැකකාර බිරිඳ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














