ජාතික ජන බලවේගයට (NPP) මැතිවරණ ව්‍යාපාරය සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් මූල්‍ය ආධාර ලැබුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් කරන ලද චෝදනා රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් අදහස් දැක්වීම සහ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර ඇති බවත්, ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.














