මුදුන් ඇළ උප ජලපෝෂක කලාපයට අයත් පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල පවතින වැසි ජලාපවහන ගැටලු අවම කිරීම සඳහා ‘මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2027-2036 කාලසීමාව තුළ අදියරගතව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මුදුන් ඇළ උප ජලපෝෂක කලාපයේ සංවර්ධන කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරන වැසි ජලාපවහන ගැටලු විසඳීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය යෝජනා කර ඇත. 2023 වර්ෂයේදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් සිදු කරන ලද පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සහ 2024 වර්ෂයේදී ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කළ ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව මෙය සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ජල ගැලීම් හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති හා ආර්ථික ක්‍රියාකාරකම්වලට සිදුවන හානි අවම කර ගැනීමටත්, ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. රුපියල් මිලියන 46,190.6ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ ක්‍රියාත්මක වන මෙම යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කර ඇත.














