වනාන්තර විනාශ කිරීම, අනවසර ඉඩම් අල්ලාගැනීම්, වන සම්පත් විනාශ කිරීම ඇතුළු පරිසරයට හානි සිදුකරන ක්‍රියා පිළිබඳ තොරතුරු ඇත්නම්, 1995 වන සුරැකුම් දුරකථන සේවය ඔස්සේ ඒ බව දැනුම් දිය හැකි බව පරිසර අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, ලැබෙන පැමිණිලි සහ තොරතුරු සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකර වනාන්තර හා පරිසර විනාශයට එරෙහිව පවතින නීති යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.















