රාජ්‍ය සේවයේ පවතින විවිධ වරප්‍රසාද සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබා දෙන ලෙස රජස්තාර රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා සිටී. මෙම පහසුකම් ලබා දීමට අපොහොසත් වීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙන එම සංගමය, මෙය පෞද්ගලික වරප්‍රසාද ලබා ගැනීමක් නොව මෙරට සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් රඳවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආයෝජනයක් බව අවධාරණය කරයි.
විදේශීය රටවල ඉහළ වැටුප් සහ පුළුල් වෘත්තීය අවස්ථා අතහැර මෙරටට පැමිණ දුෂ්කර ප්‍රදේශවල පවා මහජන සෞඛ්‍ය සේවය වෙනුවෙන් කැපවන විශේෂඥ වෛද්‍යවරුන්ට 22/99 චක්‍රලේඛයේ විධිවිධාන තිබියදීත් විධිමත් ප්‍රවාහන ක්‍රමයක් හෝ දීමනාවක් ලබා දී නොමැති බව GMOA ලේකම් වෛද්‍ය යූ.කේ.බී. වරකගොඩ මහතා පෙන්වා දෙයි. බස්නාහිර පළාතේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු යාපනය, මොනරාගල හෝ අම්පාර වැනි දුර බැහැර ප්‍රදේශවල සේවයට යද්දී නිවස සහ සේවා ස්ථානය අතර ගමනාගමන වියදම් තමන් විසින්ම දැරීමට සිදුව තිබෙන අතර, ඉහළ යන ඉන්ධන හා ප්‍රවාහන පිරිවැය හමුවේ ඔවුන්ගේ මාසික වැටුපෙන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා වැය කිරීමට සිදුව ඇත. මාසය පුරා නිරන්තරයෙන් ඇමතුම් මත (On Call) හදිසි අවස්ථා සඳහා පෙනී සිටීමට සිදුවන මෙම වෛද්‍යවරුන්ට නිසි ප්‍රවාහන දීමනාවක් ලබා නොදීම හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල සේවය පිළිගැනීමට පසුබට වීම හෝ විදේශගත වීම වැඩි විය හැකි බව සංගමය වැඩිදුරටත් අනතුරු අඟවයි.














