උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ ‘පුංචි ලෝකාන්තය’ ලෙස හඳුන්වන මහා ප්‍රපාතයකට මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු වැටී ඇතැයි පොලිසිය පවසයි.
අදාළ තරුණයා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශවාසීන් සමඟ එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව උඩදුම්බර පොලිසිය සඳහන් කරයි. මෙම තරුණයා ප්‍රපාතයට වැටුණාද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන බවත්, ඔහුව සෙවීම සඳහා ප්‍රපාතය පිහිටි ප්‍රදේශයට ඩ්‍රෝන කැමරාවක්ද යවා ඇති බවත් උඩදුම්බර පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතා ප්‍රකාශ කර තිබේ.














