බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හත්දෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියම කර තිබේ.
2024 වසරේ සිදුවූ ජනතා නැගිටීම මර්දනය කිරීමට ගත් උත්සාහයේදී සිදුවූ බව කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මෙම නායකයින් වරදකරුවන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිනීමැරුම් සිදුකිරීම මෙන්ම මිනීමැරුම් සඳහා පුද්ගලයින් උසිගැන්වීම සහ ප්‍රකෝප කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කර තිබේ.
මරණ දඬුවම නියම කර ඇති පිරිස අතර අවාමි ලීග් පක්ෂයේ හිටපු මහලේකම් ඔබයිදුල් ක්වාඩර් සහ හිටපු අමාත්‍ය මොහොමඩ් අලි අරෆාත් ද සිටින බව සඳහන් වේ.
මෙම තීන්දුව විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ලබාදී ඇති අතර, එය විනිසුරු නස්රුල් ඉස්ලාම් චෞද්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.
විශේෂත්වය වන්නේ අදාළ පුද්ගලයින් අධිකරණය හමුවේ නොසිටියද, ඔවුන්ට එරෙහිව මෙලෙස දඬුවම් නියම කර තිබීමයි.
2024 ජූලි සහ අගෝස්තු මාසවලදී ෂෙයික් හසීනාගේ රජය ශිෂ්‍යයන් ප්‍රමුඛ ජනතා නැගිටීම මර්දනය කිරීමට උත්සාහ කළ අතර, එම කාලය තුළ පුද්ගලයින් 1,400ක් පමණ මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත.
මෙම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් පැමිණිල්ලේ














