සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ ආරක්ෂිත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ ජංගම දුරකතනයට හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණහොත් එම අවස්ථාවේදී නිකුත් කෙරෙන ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.
හදිසි අවස්ථාවකදී සෞදි අරාබියේ මක්කා සහ මදීනා කලාපවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට **911** හදිසි සේවා අංකය අමතන ලෙසද දැනුම් දී තිබේ.
මක්කා සහ මදීනා කලාපවලින් පිටත ප්‍රදේශවල සිටින පුද්ගලයින් සඳහා හදිසි සේවා අංකය ලෙස **998** භාවිත කරන ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය වන **056 098 6671** වෙතද අවශ්‍ය අවස්ථාවකදී සම්බන්ධ වන ලෙස දැනුම් දී තිබේ.
වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන නිල නිවේදන සහ ආරක්ෂිත උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි අනතුරු ඇඟවීම් ලැබුණහොත් ඒවා නොසලකා නොහරින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.













