ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවාදරයක් ලබාදුන් හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට සෑම වසරකම ලොව හොඳම හෙල්ල කට්ටලයක් ලබාදීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත් වී තිබේ.
රුමේෂ්ගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා සමඟ සාකච්ඡා කර මෙම අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟ වී ඇති අතර, ඔලිම්පික් රන් පදක්කම ශ්‍රී ලංකාවට රැගෙන ඒම දක්වා ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට ද ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී පොරොන්දු වී ඇත.














