මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රෝගී තදබදය අවම කර සෞඛ්‍ය පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීය රජයේ රුපියල් මිලියන 600ක ආධාර යටතේ ඉදිකෙරෙන නව සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. විදුලි සෝපාන, වායුසමීකරණ, ගිනි නිවන පද්ධති සහ නළ මාර්ගයෙන් වෛද්‍ය වායු සැපයීමේ පහසුකම්වලින් සමන්විත මෙම නව සංකීර්ණය හරහා බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අකල් මරණ අවම කිරීම සහ රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කිරීම සීමා කිරීම අපේක්ෂා කෙරේ.














