මැලේසියාවේදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රිමියර් කුසලාන තරගාවලියේදී අපේක්ෂිත මට්ටමේ දස්කම් දැක්වීමට අපොහොසත් වීමෙන් අනතුරුව, ඉදිරි 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන ආසියානු උප කලාපීය සුදුසුකම් ලැබීමේ A තරගාවලිය ඉලක්ක කරගත් පුහුණු සංචාරයක් සඳහා බහරේන් ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. අසිෆ් අලිගේ නායකත්වයෙන් යුත් මෙම සංචාරක කණ්ඩායම ඉදිරි අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිය පුහුණු කටයුතු ආරම්භ කර ඇත.
මෙම සංචාරය තුළින් තම කණ්ඩායමේ දුර්වලතා මඟහරවා ගනිමින් ක්‍රීඩකයන්ගේ කුසලතා ඔප්නංවා ගැනීම බහරේන් ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. ඒ අනුව, දින 20ක කාලයක් දිවයිනේ රැඳී සිටින ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් කොළඹ ඛෙත්තාරාමයේ පිහිටි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ (High Performance Centre) පහසුකම් ලබාගන්නා අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පුහුණු තරග හතරකටද මුහුණ දීමට නියමිතය.
මෙම පුහුණු සැසි හරහා ලබන අත්දැකීම් ඔස්සේ ඔක්තෝබර් මාසයේදී මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වීමට සහ 2028 T20 ලෝක කුසලාන මාවතට පිවිසීමට ඔවුන් දැඩි සූදානමකින් පසුවේ. ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පහසුකම් සහ දේශීය ක්‍රීඩා පරිසරය උපරිමයෙන් භාවිත කරමින් බහරේන් කණ්ඩායම තම ක්‍රීඩා විලාසය මනා ලෙස ඔප්නංවා ගනු ඇතැයි ක්‍රීඩා විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.














