ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දී පැවැති අධිකරණ බැලිස්ටික් විද්‍යාව පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාවේ ප්‍රථම ස්ථානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ත්ව අඩවි ආරක්ෂක බී.එම්.ජී.සී. බණ්ඩාර මහතා විසින් හිමිකරගෙන තිබේ.
විනිසුරුවරුන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 65 දෙනෙකු සහභාගී වූ මෙම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව දෙවන වරටත් මෙලෙස දිනාගැනීම විශේෂත්වයකි.














