හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය දැඩි ලෙස සීමා වීම හේතුවෙන් ලෝක බොරතෙල් වෙළඳපොළේ විවිධ තෙල් වර්ග අතර විශාල මිල පරතරයක් ඇතිවී තිබේ. කෙසේවෙතත් සැප්තැම්බර් 17 වනදා නවතම වෙළඳපොළ දත්ත අනුව Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.59ක් පමණ දක්වාත් WTI බැරලයක මිල ඩොලර් 101.29ක් පමණ දක්වාත් පහළ ගොස් තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කිරීමේදී වැඩි අවදානමකට මුහුණ දෙන ඉරාකයේ Basrah Medium බොරතෙල්, UAE Murban වර්ගයට සාපේක්ෂව බැරලයකට ඩොලර් 43.06ක වට්ටමකට ඉදිරිපත් වී ඇති බව වෙළඳපොළ දත්ත පෙන්වා දෙයි. අනෙක් අතට හෝමුස් මාර්ගය මත රඳා නොපවතින ඔස්ට්‍රේලියානු Pyrenees බොරතෙල් සැප්තැම්බර් 11 වනදා බැරලයකට ඩොලර් 138.04ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
කලාපීය ප්‍රහාර සහ ප්‍රවාහන බාධා හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සාමාන්‍ය මට්ටමට වඩා දැඩි ලෙස පහළ ගොස් තිබේ. මේ අතර සෞදි අරාබිය Oman හරහා අමතර බොරතෙල් සැපයීමට පියවර ගැනීමත් සමඟ සැපයුම් හිඟය පිළිබඳ වෙළඳපොළ බිය යම් තරමකට අඩුවී ඇති අතර, බොරතෙල් මිල තවදුරටත් දැඩි උච්චාවචනයකට ලක්වෙමින් පවතී.












