අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් මහනුවර, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඩවි/බීට්ටු කාර්යාල හා අලි පාලන ඒකක 7ක යොදවා ඇති නිලධාරීන් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යතුරුපැදි බෙදාදීම ඊයේ (16) මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මධ්‍යම වනජීවී කලාප කාර්යාලයේ සහකාර අධ්යක්ෂ කේ.ජී.එස්. වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.














