ශ්‍රී ලංකාවේ නව චීන තානාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
චීන රජයේ සහාය යටතේ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන වසර 3 සිට 5 දක්වා දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ. එමෙන්ම චීන ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රගතියද සමාලෝචනය කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. චීන ශිෂ්‍යත්ව, ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.















