ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දෙවන අදියර යටතේ රාජ්‍ය ආයතනවල පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකක 244ක් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීහු ඊට සහභාගි වූහ.
සුපිළිපන්භාවය සංවර්ධනය කිරීමේ කාර්යාංශයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුවට උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරීහුද මාර්ගගතව එක්ව සිටියහ.















