යාපනය, තෙල්ලිප්පෙයි මූලික රෝහලේ අලුතින් ඉදිකරන ලද සිව් මහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණය හෙට (18) වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත නිල වශයෙන් භාරදීමට නියමිතයි.
රුපියල් මිලියන 196.6ක වියදමින් ඉදිකර ඇති මෙම නිල නිවාස සංකීර්ණය මගින් වෛද්‍ය නිලධාරීන් 20 දෙනෙකුට පමණ නේවාසික පහසුකම් සැලසීමට හැකියාව පවතිනවා.
වෛද්‍ය නිල නිවාස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් මුහුණ දුන් ගැටලුවකට විසඳුමක් ලෙස මෙම ඉදිකිරීම සිදුකර ඇති අතර, උතුරු පළාත් සභා ප්‍රතිපාදන මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
















