රුසියාව තම ජනාධිපති ගුවන් යානය ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට අවස්ථා දෙකකදී උත්සාහ කළ බවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙල්ෙන්ස්කි චෝදනා කරයි.
CBS News සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, මෝල්ඩෝවා හරහා ගමන් කළ අවස්ථා දෙකකදීම තම ගුවන් යානය එරට සිටියදී ඩ්‍රෝන මෝල්ඩෝවා ගුවන් අවකාශයට ඇතුළු වූ බවයි. දෙවන අවස්ථාවේදී ඩ්‍රෝන එකක් හෝ දෙකක් මෝල්ඩෝවා ගුවන් අවකාශයට ඇතුළු වූ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම ඩ්‍රෝන සෘජුවම තම ගුවන් යානය ඉලක්ක කළ බවට ස්වාධීන තහවුරු කිරීමක් මේ වනවිට නොමැත. මීට පෙර නෝර්වේ අගමැතිවරයා සෙල්ෙන්ස්කිගේ ගුවන් යානය මෝල්ඩෝවා සිට පිටත්වන අවස්ථාවේ ඩ්‍රෝනයකට ආසන්නව ගිය බව ප්‍රකාශ කළද, යුක්රේන ජනාධිපති කාර්යාලයේ මූලාශ්‍රයක් එම අවදානම පිළිබඳ ප්‍රකාශය අතිශයෝක්තියක් ලෙස හැඳින්වීය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් සෙල්ෙන්ස්කි පවසා ඇත්තේ තමන් ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර නායකයන්ට අනතුරු ඇඟවීමක් හෝ බිය ගැන්වීමක් ලබාදීම රුසියානු පාර්ශ්වයේ පුළුල් උපායමාර්ගයක කොටසක් විය හැකි බවයි. මේ අතර, යුක්රේන-පෝලන්ත දේශසීමාව ආසන්නයේ විදේශ නියෝජිතයන් ගමන් කළ දුම්රියක් ආසන්නයේද රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් සිදුව තිබූ අතර, එහිදී කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.














