වයස අවුරුදු 18 සම්පූර්ණ කර ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් සමාජගත වන තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා නිවාස ආධාර ලබාදීම රජයේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“දිවියට සවියක්” නිවාස වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආරක්ෂිත නිවසක් ලබාදීම සඳහා පසුගිය වසරේ ලබාදුන් රුපියල් ලක්ෂ 10ක ආධාර මුදල මෙවර රුපියල් මිලියන 2ක් දක්වා වැඩි කළ බවයි. එම මුදලද ප්‍රමාණවත් නොවන්නේ නම් තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.
මෙම වැඩසටහන යටතේ ආයතනික රැකවරණයෙන් ඉවත්ව සමාජගත වන තරුණ තරුණියන්ට මෙන්ම අනාරක්ෂිත හා අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන පිරිස් සඳහාද නිවාස පහසුකම් සැලසීමට අවධානය යොමු කර තිබේ. ජනාධිපතිවරයා සඳහන් කළේ, දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට සුදුසු ජීවන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් බවයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ 2025 ප්‍රගති වාර්තාව අනුව, දිවයින පුරා රජයේ හා ස්වේච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක දරුවන් 9,191 දෙනෙකු ලියාපදිංචිව සිටි බව වාර්තා කර ඇත.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














