ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද (18) සමත් විය.
නිශ්ෂින්හි කොරෝගි ක්රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජයට පත්කරමින් ශ්රී ලංකා ක්රීඩිකාවෝ මෙම ජයග්රහණය වාර්තා කළහ.
පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස මැලේසියානු කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 74ක් පමණි.
ඒ අනුව ලකුණු 86ක විශිෂ්ට ජයග්රහණයක් හිමිකරගත් ශ්රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කළ පළමු තරගය මෙය වන අතර, ශ්රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිව තිබුණි.














