බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව ඌව පළාතේත් මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් හෙට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.














