දිවයින පුරා සිදුවන මාරක රිය අනතුරු අවම කිරීමේ පියවරක් ලෙස අනතුරුදායක ස්ථාන 712ක් හඳුනාගෙන ඇති බවත්, වසරකට සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,500 ඉක්මවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. මෙම වසරේ මේ දක්වා මාරක අනතුරු 1,849ක් වාර්තා වී ඇති අතර, දිනකට පුද්ගලයින් 7ත් 10ත් අතර ප්‍රමාණයක් මියයයි. රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ පදිකයින් සහ යතුරුපැදිකරුවන් වන අතර, රියදුරන්ට දඩ ගැසීමෙන් පමණක් මාර්ග විනය සෑදිය නොහැකි බැවින් පාසල් පෙළපොත් හරහා මාර්ග නීති ඉගැන්විය යුතු බවද පොලිස්පතිවරයා අවධාරණය කළේය.














