ඊසාන දිග පාකිස්ථානයේ පිහිටි දේවස්ථානයක මෙම අනපේක්ෂිත පිපිරීම සිදුව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 50 කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි. සිකුරාදා දින විශේෂ දේව මෙහෙයන් පවත්වන අවස්ථාවක මෙම ව්‍යසනය සිදුව තිබීම හේතුවෙන් මරණ හා තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.














