• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය උවදුර තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට පොදු තර්ජනයකි එමෙන්ම එය අලුත් අවස්ථාවක්ද වේ.

මිලින්ද මොරගොඩ යෝජනා කරයි

21 September 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය උවදුර තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට පොදු තර්ජනයකි එමෙන්ම එය අලුත් අවස්ථාවක්ද වේ.
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
– 2026.09.17 දින The Print වෙබ් අඩවිය වෙත මිලින්ද මොරගොඩ විසින් ලියන ලද රචනයේ අසංශික්ප්ත සිංහල පරිවර්තනය
මධ්‍යම ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර පැවැත්වෙන ඉහළ මට්ටමේ දේශපාලන සංවාදයක් සහ ඉන් අනතුරුව ඇති කරගන්නා වූ සහයෝගිතා පදනමක එකමුතු ක්‍රියාකාරීත්වය, ඉතා ප්‍රයෝජනවත් මූලික පියවරක් වනු ඇත.
පෝක් සමුද්‍ර සන්ධියේ සීමාසහිත දියඹ බොහෝ කලක සිට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කර ඇති අතර, එය දෙරට අතර නොසන්සුන්තාවයන්ටද හේතුවක් විය. නමුදු අද වන විට එම පෝක් සමුද්‍ර සන්ධිය වෙනස්ම ආකාරයේ සහයෝගීතාවයකට මාර්ගය පාදා දිය හැකිය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යහපත් සබඳතාවයක් පවතින අතර නිරන්තරයෙන් ඉහළ මට්ටමේ දේශපාලන සංවාද පවත්වයි. පසුගිය වසර කිහිපය තුළ ආරක්ෂක, සාගරික සහ ආර්ථික සහයෝගීතාවයන් පුළුල් වී ඇත. ඓතිහාසිකව ගත් කල වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගන්නේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවයි.
වෙන්වීමේ බෙදුම්වාදී ගැටුමේ අතීත උරුමය තවමත් එම සබඳතාවයට බලපෑම් කරන අතර, ධීවර ආරවුල පෝක් සමුද්‍ර සන්ධියේ දෙපසම වෙසෙන ජනතාව අතර වරින් වර උද්‍රෝපකාරී නොසන්සුන්තාවයන් ඇති කරයි. මේවා ඉවසීම සහ දේශපාලනික අවබෝධය අවශ්‍ය වන සංවේදී කරුණු වේ.
කෙසේ වෙතත්, පෝක් සමුද්‍ර සන්ධිය හරහා ගොස් දෙසමාජයටම එකසේ බලපාන තවත් බරපතල ප්‍රශ්නයක් ඇත. ඒ මත්ද්‍රව්‍ය උදුරුවයි.
ශ්‍රී ලංකාවෙත් තමිල්නාඩුවෙත් සීඝ්‍රයෙන් වර්ධනය වන මත්ද්‍රව්‍ය උවදුර බරපතල අභියෝගයකි. එමෙන්ම එය දෙපාර්ශවයේම මූලික අවශ්‍යතා සහ අභිලාෂයන් එකට එකඟ වන ක්ෂේත්‍රයක සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට ලැබෙන හොඳ අවස්ථාවක්ද විය හැකිය.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තවදුරටත් නගරබද ප්‍රදේශවලට පමණක් සීමා වූවක් නොවේ. එය ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු මුළු රටේම ජනසමාජයන් වෙත විහිද ගොස් ඇත. යුද්ධයේ දීර්ඝ කාලීන සමාජීය අතුරු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වූ යාපනය සහ උතුරු පළාත, වර්තමානයේ තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දැඩි තර්ජනයකට මුහුණ දෙමින් සිටියි.
අයිස් වැනි කෘතිම මත්ද්‍රව්‍යවල නැගී සිටීම, මීට පෙර හෙරොයින් සහ ගංජා සම්බන්ධයෙන් පැවැති ප්‍රශ්නයට අලුත්ම දරුණු මානයක් එක් කර ඇත.
තමිල්නාඩුවද තමන්ගේම වූ විශාල අභියෝගයකට මුහුණ දෙයි. එහි විශාල ජනගහනය, ප්‍රවාහන ජාල, වරායවල් සහ ශ්‍රී ලංකාවට ඇති ආසන්න භූගෝලීය පිහිටීම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහසු මාර්ග සලසන අතර, එම ප්‍රාන්තය සිය ප්‍රජාවන් තුළ සිදුවන මත්ද්‍රව්‍ය භාවිතයට සහ ඊට ඇබ්බැහි වීමට එරෙහිවද සටන් කරමින් සිටියි.
මේ තත්ත්වයන් දෙක එක හා සමාන නොවේ. නමුත් ඒවායේ භූගෝලීය පිහිටීම නිසා ඒවා එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙන් කර බැලිය නොහැක.
– ප්‍රායෝගික වැඩපිළිවෙළක්
පෝක් සමුද්‍ර සන්ධියේ දෙපසම ඉහළම දේශපාලන මට්ටමින් මේ වන විටත් මෙම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කර ඇති අතර තමිල්නාඩුවද මත්ද්‍රව්‍යවලට එරෙහි සිය මෙහෙයුම් වේගවත් කර ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ කොළඹ සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාවේ සහය ඉල්ලා සිටියේය.
මෙය ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට හොඳ අවස්ථාවක් උදා කරයි.
ඉන්දීය මධ්‍යම රජයේද මැදිහත්වීම සහ සහභාගීත්වය ඇතිව, ශ්‍රී ලංකාවට සහ තමිල්නාඩුවට ඉහළම දේශපාලන මට්ටමින් මත්ද්‍රව්‍ය අභියෝගය පිළිබඳව සෘජු සංවාදයක් ආරම්භ කළ හැකිය. ඉන් අනතුරුව ඇති කරගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයක් මගින් දෙපාර්ශවයේම අදාළ බලධාරීන් එකම තැනකට ගෙන ආ හැකිය.
එහි න්‍යාය පත්‍රය පූර්ව නිගමනයකින් තොරව සැකසිය හැක. සෑම පාර්ශවයකටම තමන්ගේම අත්දැකීම් ඉදිරිපත් කරමින් සහයෝගීතාවය වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ කුමන ක්ෂේත්‍රවලද යන්න හඳුනා ගත හැක.
ජාවාරම් ජාල සහ මාර්ග, නීතිය ක්‍රියාත්මක කිරීම, සාගරික නිරීක්ෂණ, සංවිධානාත්මක අපරාධවලින් උපයන මුදල් සොයා ගැනීම, මෙන්ම වළක්වා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට විශාල ඉඩකඩක් ඇත. මෙහි අරමුණ එක පාර්ශවයක් අනෙක් පාර්ශවයට සිය අභ්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් දීම නොවේ.
මෙය විශේෂයෙන්ම පෝක් සමුද්‍ර සන්ධියට අදාළ වේ. ධීවර කටයුතු සහ සාගරික ආරක්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඇති මුහුදු සීමාව දැනටමත් දැඩි ලෙස නිරීක්ෂණය කෙරේ. අපරාධ ජාලයන්ටද මෙම භූගෝලීය පිහිටීමෙන්ම ප්‍රයෝජන ගත හැකිය.
එක් පාර්ශවයක බලධාරීන් සතුව ඇති තොරතුරු අනෙක් පාර්ශවයේ බලධාරීන් වෙත නොලැබෙන්නට පුළුවන. අදාළ ඒජන්සි අතර සමීප සන්නිවේදනයක් පැවැත්වීම මගින් මෙවැනි අඩුපාඩු පියවා ගැනීමටත්, කලාපය පුරා ක්‍රියාත්මක වන ජාවාරම් ජාලයන් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමටත් උපකාරී වේ.
ඉන්දීය මධ්‍යම රජයට මෙහිදී ඉටු කිරීමට වැදගත් කාර්යභාරයක් ඇත. තමිල්නාඩුවේ භූගෝලීය ආසන්නතාවය සහ පෝක් සමුද්‍ර සන්ධියට ඇති සෘජු සම්බන්ධතාවය නිසා එහි සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම යනු වඩාත් පුළුල් ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාවටද බලපාන කරුණකි. මධ්‍යම රජයේ මැදිහත්වීම මගින් ප්‍රාන්ත මට්ටමේ සහයෝගීතාවය, ඉන්දියාවේ බුද්ධි තොරතුරු, මත්ද්‍රව්‍ය පාලනය, සාගරික ආරක්ෂාව සහ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සමග සම්බන්ධ කළ හැක.
ශ්‍රී ලංකාවට මෙම යාන්ත්‍රණය මගින් සංකීර්ණ රාජ්‍ය යාන්ත්‍රණයකින් තොරව අදාළ ජාතික බලධාරීන් එකට එක් කළ හැක. මුලින්ම වැදගත් වන්නේ ඊට පිටුපසින් ඇති දේශපාලනික කැපවීමයි.
– සමූහ ප්‍රයත්නයක්
එවැනි සහයෝගීතාවයක වටිනාකම මත්ද්‍රව්‍ය මර්දනයෙන් ඔබ්බටද විහිදී යනු ඇත.
ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතාවයට නව යථාවත්කරණයක් අවශ්‍ය නොවේ. එය දැනටමත් යහපත් පදනමක පවතියි. නමුත් තමිල්නාඩු මානය තුළ තමන්ගේම වූ අතීත මතකයන් සහ සංවේදීතාවයන් ගොඩගැසී ඇත. වෙන්වීමේ ගැටුමේ අතීත උරුමය සහ ධීවර ආරවුල නිසා සංවාදයන් පැවැත්වීම සමහර විට තිබිය යුතු තත්ත්වයට වඩා අමාරු විය.
පොදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දක්වන ප්‍රායෝගික සහයෝගීතාවය එම තත්ත්වය වෙනස් කිරීමට උපකාරී වේ.
මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මෙම අරමුණ සඳහා විශේෂයෙන් සුදුසු වේ. අපරාධ ජාලයන් විසින් තමන්ගේ මුහුදු තීරය හෝ භූමිය මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ගයක් ලෙස භාවිතා කරනවාට හෝ සිය තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවාට කිසිදු පාර්ශවයක් කැමති නැත. මෙහිදී විසඳා ගත යුතු භූමි අයිතිවාසිකම් පිළිබඳ හිමිකම් හෝ මුලින්ම විසඳිය යුතු අතීත වෛරී හැඟීම් කිසිවක් නැත. මෙහි ඇත්තේ හුදෙක්ම පොදු ප්‍රශ්නයක් පමණි.
මෙම කාලය ඉතා වැදගත් වේ. කෘතිම මත්ද්‍රව්‍ය සහ වැඩිදියුණු වූ ජාවාරම් ජාල මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ස්වභාවය වෙනස් කරමින් සිටියි. අපරාධ සංවිධානවලට සීමා මායිම් හරහා තොරතුරු සහ මුදල් පහසුවෙන්ම හුවමාරු කළ හැක. එබැවින් රජයන් හුදෙක් තනි තනිව සිදු කරන අත්අඩංගුවට ගැනීම්වලට පමණක් සීමා නොවී, එකමුතුව මෙම ජාලයන් තේරුම් ගත යුතුය.
මෙම යෝජනාව සංකීර්ණ එකක් විය යුතු නැත. මධ්‍යම ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර පැවැත්වෙන ඉහළ මට්ටමේ දේශපාලන සංවාදයක් සහ ඉන් අනතුරුව ඇති කරගන්නා සහයෝගිතා යාන්ත්‍රණයක් ඉතා ප්‍රයෝජනවත් මූලික පියවරක් වනු ඇත. ඉන්පසු ප්‍රමුඛතාවයන් තීරණය කළ හැක්කේ ප්‍රශ්නයට සෘජුවම මුහුණ දෙන පාර්ශවයන් විසිනි.
එය සාර්ථක වුවහොත්, පෝක් සමුද්‍ර සන්ධියේ දෙපසම ඇති ආයතන අතර නව සන්නිවේදන මාර්ග සහ ප්‍රායෝගික සහයෝගීතාවයක් නිර්මාණය කළ හැක. වඩාත්ම වැදගත් දෙය නම්, දෙරට අතර සබඳතාවයන් තීරණය කළ වඩාත් සංකීර්ණ ප්‍රශ්න සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය නොවී, දෙසමාජයටම බලපාන ප්‍රශ්නයක් විසඳීමේදී විශ්වාසය ගොඩනගා ගැනීමට හැකි වීමයි.
පෝක් සමුද්‍ර සන්ධිය දෙස බොහෝ විට බැලුවේ ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව වෙන් කරන මායිමක් ලෙසය. එල්.ටී.ටී.ඊ. යුද්ධය සහ ධීවර ආරවුල සබඳතාවයේ කොටසක් ලෙස පවතිනු ඇත. නමුත් සබඳතා හැඩගැසෙන්නේ අලුත් අත්දැකීම් තුළිනි.
මත්ද්‍රව්‍යවලට එරෙහිව කරන පොදු ප්‍රයත්නයක් මගින් එවැනි අලුත් අත්දැකීමක් නිර්මාණය කළ හැක.
මත්ද්‍රව්‍ය උවදුර දෙසමාජයටම බරපතල තර්ජනයකි. එමෙන්ම එය පෝක් සමුද්‍ර සන්ධිය හරහා ගොඩනගන බලාපොරොත්තු නොවූ පාලමක්ද විය හැක.
Post Views: 3
Previous Post

මට හම්බුණු සහාය රටේ අනිත් ක්‍රීඩකයන්ටත් දෙන්න

Next Post

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නීතීඥ හබීබ් රිෆාන් වසරක කාලයක් සඳහා නම් කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නීතීඥ හබීබ් රිෆාන් වසරක කාලයක් සඳහා නම් කරයි!

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නීතීඥ හබීබ් රිෆාන් වසරක කාලයක් සඳහා නම් කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved