ගිං ගඟ ද්‍රෝණිය සහ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 24කින් දීර්ඝ කර තිබෙනවා. ඒ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අදාළ ගංගාවල ජල මට්ටම් ඉහළ යාම මෙම තීරණයට හේතු වී තිබෙනවා.
ඒ අනුව අදාළ ගංගා ද්‍රෝණිවල පහත්බිම්වල ජීවත් වන ජනතාවටත්, විශේෂයෙන් අතුරු මාර්ග භාවිත කරන රියදුරන්ටත් දැඩි විමසිල්ලෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.













