අම්බලන්ගොඩ – කහව මංසන්ධිය ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසනවා.
වෙඩි තැබීමට ඉලක්ක වූ පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනා තමන් වෙත ගිනි අවියක් එල්ල කළ බවයි. එහිදී තමන් එම ස්ථානයෙන් පලාගිය බවද ඔහු සඳහන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.













