මෙරට නව එක්සත් ජනපද තානාපති ලෙස පත්වූ එරික් මේයර් මහතා සහ කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් අද (21) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී රජයේ මූල්‍ය විනය, ආර්ථිකය ස්ථාවර කිරීම සහ විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සතුට පළ කරන බව නව අමෙරිකානු තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.
2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකිවී ඇති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එම ස්ථාවරත්වයේ සිට ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කිරීමේදී විදෙස් ආයෝජන සහ වෙළඳාමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇති අතර, ඒ සඳහා සහාය ලබාදීමටද අමෙරිකානු තානාපතිවරයා එකඟ වී තිබෙනවා.













